2026-09-05
mediahumanrights.lk
NewsPolitical

කලාකරුවන් කැළඹිලා – ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරයි

නව බදු පනතට විරෝධය පළ කරන බව කලාකරුවන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ නව පනත හේතුවෙන් කලාවට තිබූ සහන පවා අහිමි වී ගොස් ඇති බවයි.
සිනමා නිර්මාණ සංසදයේ සභාපති, චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක සඳහන් කළේ “සංගීත, සාහිත්‍ය, වේදිකා නාට්‍ය, සිනමාව යන අංශයන්ට තිබුණු බදු සහන සියල්ල ඉවත් කරලා. අපි කියන්නේ මේ නවතා දැමූ බදු සහන යලි ලබා දෙන්න කියලයි. මේ රටට කලාව රසවින්දනය අනවශ්‍යද කියලයි අපි අහන්නේ. කලාවට තවත් සහන අවශ්‍යකරන කාලයක තිබුණ සහනත් නවතා දැමීම තුළින් කලාකරුවන් ලොකු කැළඹීමකට ලක්වෙලා තියෙනවා.” යනුවෙනි.
ඉකුත් ජනාධිපතිවරණයේ දී වත්මන් ආණ්ඩුව පිහිටුවීමට සහය දැක්වුවද වැරැද්දක් දුටු තැන නැඟී සිටීමට සූදානම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයි

Shiran Viraj

මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…

Shiran Viraj

ඉන්ධන ජාවාරම්කරුවන් ඇල්ලීමට හමුදා බුද්ධි අංශ යොදවයි; වැටලීම් දැඩි කරන බව ඛනිජ තෙල් සභාපති පවසයි

Shiran Viraj
Translate »