2026-08-05
mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාවට එරෙහි අමෙරිකාවේ පළමු පියවර ගැන හෙළි කරයි

උතුරු කොරියාවට එරෙහිව තම පළමු පියවර සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පළමු පියවර යුදමය කි‍්‍රයාමාර්ගයක් නොවන බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසන්නේ.
උතුරු කොරියාව විසින් මේ දිනවල වර්ධනය කර ගනිමින් පවතින න්‍යෂ්ටික සහ බැලැස්ටික මිසයිල අත්හදා බැලීම සඳහා ප‍්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ චීන ජනාධිපති ෂි ජිං පිං සමග පැවති දුරකතන සංවාදයකින් අනතුරුවයි. චීනයද තම අදහස සම්බන්ධයෙන් විරෝධතාව පළ නොකරන බවට තමන් විශ්වාස කරන බවයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියාසිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළට

Shiran Viraj

රනිල්ගෙන් පසු එජාපයට රවී කරුණානායක හැර වෙන විකල්පයක් නෑ…

Shiran Viraj

ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…

Shiran Viraj
Translate »