mediahumanrights.lk
NewsSportsSports News

ඇදවැටී ඇති ක්‍රිකට් ගොඩ දාන වගකීම අකිලත් භාර ගනී

ඇදවැටී ඇති කි‍්‍රකට් කී‍්‍රඩාව ගොඩගැනීම වහාම සිදු විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඒ අනුව එහි වගකීම තමන් භාර ගන්නා බවත් පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව සාර්ථක කර ගැනීමට නව වැඩකටයුතු රැසක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා ඊයේ (06) පැවති සාකච්ඡාවකදී කියාසිටියා.
කි‍්‍රකට් කී‍්‍රඩාව ගොඩගැනීම සඳහා පාසල් මට්ටමින් ගතයුතු කි‍්‍රයාමාර්ග හඳුනා ගැනීමට පාසල් කි‍්‍රකට් සංගමයේද සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.
පාසල් කී‍්‍රඩකයන් අතරින් ජාත්‍යන්තර තරගාවලීන් සඳහා කී‍්‍රඩකයන් තෝරා ගැනිමේදී ඉකුත් සමයේ විවිධ අකටයුතුකම් සිදුවී ඇති බවයි පාසල් කි‍්‍රකට් සංගමයේ නිලධාරීන් එහිදි පෙන්වා දුන්නේ.
මේ අනුව අන්තර්ජාතික තරගාවලි සඳහා පාසල් කී‍්‍රඩකයන් තෝරා ගැනීමේදී විනිවිදභාවය තහවුරු කෙරෙන නව නිර්ණායක සකස් කළයුතු බව අමාත්‍යවරයා කියාසිටියා.
පාසල් මට්ටමින් කි‍්‍රකට් කී‍්‍රඩාව ශක්තිමත් කිරීම සඳහා ප‍්‍රවීණ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගෙන් සහ පුහුණුකරුවන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කිරීමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…

Shiran Viraj

GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

Shiran Viraj

රවි කරුණායක අන්තිමයි.. ඔහු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අසාර්ථක මුදල් අමාත්‍යවරයෙක්..- IMF කියයි..

Shiran Viraj
Translate »