mediahumanrights.lk
Local NewsNews

අඛණ්ඩව විදුලි සැපයුමට ඕනෑම මොහොතක හමුදාව සූදානම්

රටේ අවශ්‍යතාව අනුව ඕනෑම මොහොතක අඛණ්ඩව විදුලි සැපයුම වෙනුවෙන් මැදිහත්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසනවා.
හමුදා මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් තමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.
ඒ වෙනුවෙන් හමුදා භට කණ්ඩායම් 89ක් දැනටමත් සූදානම් කර ඇති බව ඔහු කියා සිටියා.
මේ අතර, විදුලිබල වෘත්තීය සමිති පවසන්නේ කිසිඳු බලපෑමක් හමුවේ නොනැවතී වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.
එමෙන්ම බලධාරීන් විශ්‍රාම ගිය විදුලි සේවකයන්ට යළි සේවයට පැමිණෙන ලෙස ඉල්ලීම් කළ ද කිසිවෙකුත් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවද  ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කළා.
විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ වර්ජනයේ නිරත වෘත්තීය සමිති ඇතැම් ස්ථානවල කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ මහජනතාව මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන විය යුතු බවයි.
විදුලිබල සේවක වර්ජනය හේතුවෙන් මඩකලපුව, ගාල්ල, කළුතර, අම්පාර, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් සිදුව ඇති බව ද වාර්තා වනවා.
ඉංජිනේරු කාර්යාලවල සේවකයන් නොමැතිවීම හේතුවෙන් සැපයුම යථා තත්වයට පත් කිරීමේ කටයුතු ප්‍රමාද වී ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

(under the courtesy of nethfm news web)

Related posts

මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නැවතත්

Shiran Viraj

දෙසැ. 08, 09 යහපාලනයට තීරණාත්මකයි

Shiran Viraj

නාඩුකුඩාවෙන් ආයුධ තොගයක් මතුවෙයි

Shiran Viraj
Translate »