2026-01-16
mediahumanrights.lk
Local NewsNews

2014 න් පසු විශ්‍රාම ගිය සේවකයන් ලංවිම යළි කැඳවයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කර 2014 වසරේ සැප්තැම්බර් මස 01 වන දිනට පසුව විශ්‍රාම ගෙන ඇති සේවකයින් නැවත සේවයට කැඳවීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිඛෙනවා.
එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ විදුලි සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව, ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ විශ්‍රාමික සේවකයන් සහ රියදුරන්ට සිය සේවය නැවත ලබා දීමට කැමතිනම් අවසන් වරට රාජකාරී කළ ස්ථානයට වාර්තා කරන ලෙසයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ.
විදුලි බල මණ්ඩල සේවකයන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද සුලක්ෂණ ජයවරධන වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාව

Shiran Viraj

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

Shiran Viraj
Translate »