mediahumanrights.lk
International News News

හාවි සුළි සුළගින් විපතට පත්වූවන්ට සහන සලසන්න ඩොලර් බිලියන 5.9 ක්

දශකයකට වැඩි කාලයකට පසු ඇමරිකාවට හැමූ ප්‍රබලතම චන්ඩ මාරුතය වන හාවි සුළි සුළගෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා ඩොලර් බිලියන 5.9 ක් වෙන් කර දෙන ලෙස ධවල මන්දිරය ඇමරිකානු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කළා.
ඒ සදහා තම පෞද්ගලික මුදලින් ඩොලර් මිලියනයක් පිරිනමන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.
ටෙක්සාස් ප්‍රාන්තයට විශාල හානියක් සිදුකළ හාවි සුළි සුළගින් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතරල තුන්ලක්ෂ 11,000 ක් ආපදා සහන සදහා ලියාපදිංචි වී තිබෙනවා.
ජල ගැල්ම සමනය වෙමින් පවතින අතර විනාශයට පත්වූ නිවාස සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි.
ඇමරිකානු මධ්‍යම රජයේ හදිසි කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ 3800 ක පිරිසක් මෙහෙයුම්වලදී බේරා ගැනීමට හැකිවූ බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

පළාත් පාලන ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම මාස 3න් කල් යයි

Shiran Viraj

තව දුරටත් ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? – නිදහස් පක්ෂ ඇමතිවරු සහ මන්ත්‍රිවරු එකඟතාවයකට එයි

Shiran Viraj

විග්නේෂ්වරන් පුටු දෙකක් අතහරී

Shiran Viraj