සොරකම් කරන ලද වාහන කොටස් අළෙවි කරන කල්ලියක් පංචිකාවත්ත ප්රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් සතුව තිබී ත්රීරෝද රථයක් සහ යතුරු පැදි 03ක්ද සොයා ගෙන තිබෙනවා.
ඊට අමතරව යතුරුපැදි අමතර කොටස් තොගයක්ද සොයා ගැණුනු බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24,30 සහ 53 යන වයස් සීමාවල පසුවන තිදෙනෙක්.
ඔවුන් පංචිකාවත්ත සහ කොටහේන ප්රදේශවල පදිංචිකරුවන් බව අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් තිදෙනා අළුත්කඩේ අංක 04 මහේස්ත්රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)
previous post