mediahumanrights.lk
NewsPolitical

මහින්ද ජාතිවාදය වපුරනවා

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ  මහතා ජාතිවාදය වපුරමින් නැවත මේ රටේ බලය ලබා ගැනීමට උත්සහයක නිරතවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
වතුකරයේ දමිළ ජනතාව සමඟ එක්ව එය පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ දිවි හිමියෙන් කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.
අනුර කුමාර දිසානායක මහතා ඒ බැවි පැවසුවේ කඳුරට ජනතා පෙරමුණේ කම්කරු තරුණ පෙරමුණේ මහා සම්මේලනය හැටන් කොටගල හින්දු සංස්කෘතික ශාලාවේ පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිත දේශකයා වශයෙන් සහභාගී වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා බලයට ඒමට වපුරවන ජාතිවාදය පරාජය කිරීමට වතුකරයේ දමිළ ජනතාව සමඟ එක්වී දිවි හිමියෙන් කටයුතු කරන බවයි.
මේ රටේ ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වී සිටින ජනතාවක් සිටින්නේ වතුකරයේ බවත්, ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට වතුකරයේ වෘත්තීය සමිති සමඟ එක්ව කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සෑම ජාතියකටම සම අයිතීන් ලැබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වන්නේ නම් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ උපරිම අයුරින් කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ජුලි මස සිට සියලු ගැහැණු ළමයිට අලුත් එන්නතක් ලබා දෙයි

Shiran Viraj

ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්..යෝජනාව ලබන සතියේ ජනපති අතට

Shiran Viraj

විවාහයට ජංගම දුරකතන තහනම් කරලා

Shiran Viraj
Translate »