mediahumanrights.lk
NewsPolitical

එජාපයට 71යි

එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරයේ දිනය අදයි.
එම පක්‍ෂය ආරම්භ කළේ 1946 සැප්තැම්බර් මස 6 වනදායි. ඒ, මහාමාන්‍ය ඞී එස් සේනානායක මහතාගේ මූලිකත්වයෙන්.
එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරය වෙනුවෙන් අද (06) උදෑසන සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ආගමික වැඩසටහනක්ද පැවැත්වෙනවා. ඒ, පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
රටට නිදහස ලැබීමෙන් පසු ගතවූ කාලය අතුරින් මුළුමනින් වසර 33 ක කාලයක් තුල රට පාලනය කිරීමට එ. ජා. ප. යට වරම් ලැබී තිබෙනවා. 1978 දී ස්ථාපිත විධායක ජනාධිපතිධූරය 1994 දක්වා හැසිරවීමටද එ. ජා. ප. යට හැකි වුණා.
වර්ෂ 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයෙන් එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට එ.ජා.ප.යේ පූර්ණ සහය ලබාදුන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකි වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

බෙලිඅත්තේ ඝාතන පැජරෝව විද්‍යාලෝක පිරිවණෙන් හමුවේ..

Shiran Viraj

සුඛෝපොභෝගී ජීප් රථයක් පැහැරගත් එස්.එෆ් ලොක්කා අතුරුදන් – Photos

Shiran Viraj

දශ ලක්ෂ තිස්තුන්දාහක බිල් වෙන්දේසියක් හෙට

Shiran Viraj
Translate »