27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Entertainment Entertainment News News

අයිෂ්ට ලහිරුගේ ඉල්ලීම අහකදාන්න බැරිවෙලා

නළුවන්ට කැමැති නෑ; මම ආපහු ජිම් යනවා
අයිෂ් ලහිරුත් එක්‌ක එකතුවෙලා මොකක්‌ද මේ දාපු සාදය?
ඒක ලහිරුගේ අලුත්ම ගීතය. ඒකේ මියුසික්‌ වීඩියෝ එකේ මම රඟපෑවා. අපි ගොඩක්‌ කාලයක ඉඳලා සැලසුම් කරපු වැඩක්‌. කිහිප සැරයක්‌ ලහිරු එකක්‌ වැඩක්‌ කරන්න හිටියාට ඒක කරන්න හම්බවුණේ නැහැ.
ඒ කියන්නේ මීට කලිනුත් අයිෂ්ට ලහිරුගේ මියුසික්‌ වීඩියෝවලට කතා කළා ?
ඔව්. මීට කලිනුත් මියුසික්‌ වීඩියෝ එකක්‌ කරන්න ලෑස්‌තිවෙලා හිටියා.කොහොම හරි ඒ වැඩේ කරන්න වුණේ නැහැ. ගොඩක්‌ කල් ඉඳන් අපි එකට වැඩකරන්න බලාගෙන හිටියා.
ඇයි මේ වැඩේට කැමැති වුණේ ?
මේක ලහිරුගේ වෙනස්‌ම වැඩක්‌. රම්බරි, කැස්‌සට කොස්‌ඇට, ළබැඳියේ ගීතවලට වඩා වෙනස්‌ම වැඩක්‌.
සිනමාවට ආපු අයිෂ් ඇයි මේ මියුසික්‌ වීඩියෝ භාරගත්තේ ?
ලහිරුව මට හම්බවුණේ සිනමාවට ආවට පස්‌සේ නෙමෙයි. ඒ දවස්‌වල ඉඳන් අපි හොඳ යාළුවෝ. ඒ කාලේ ඉඳන්  ලන්ඩන් ඉඳන් ලංකාවට ආපු ගමන් තමයි මට ලහිරුව මුණගැසුණේ.අපි වැඩක්‌ කරන්න සූදානම් වෙලා හිටියේ. ඒ කාලෙත් මම මොඩ්ලින් කරන්නත් පටන් අරගෙන තිබුණේ නැහැ. චිත්‍රපට කළා කියලා ලහිරු එක්‌ක වැඩ නොකර ඉන්න ඕනෑ නැහැ කියලා මම හිතුවා.
නිරූපිකාවෝ මියුසික්‌ වීඩියෝවලට අඩනිරුවත්වීම ගැන මොකද හිතන්නේ ?
එහෙම වීඩියෝ කිහිපයක්‌ පසුගිය කාලයේ ආපහු හින්දා වෙන්න ඇති එහෙම කියනවා ඇත්තේ. මම නම් එහෙම මියුසික්‌ වීඩියෝ කරලා නැහැ. මියුසික්‌ වීඩියෝ දෙක තුනක්‌ විතර තමයි කරලා තියෙන්නේ. මම එහෙම මියුසික්‌ වීඩියෝ කරන්න අදහසකුත් නැහැ. මේකත් භාරගත්තේ ලහිරු යාළුවා හින්දා.
මියුසික්‌ වීඩියෝවලට මිනිස්‌සු බණිනවා. ඒක හින්දා සිනමාවේ විතරක්‌ හිටියා නම් නරකද?
ඔව්. මම කොහොමටත් මියුසික්‌ වීඩියෝ කරන්නේ නැහැ. නමුත් ලහිරු එක්‌ක මේ වැඩේ කළෙත් අපි කලින් වැඩක්‌ කරන්න හිටපු හින්දා. මිනිස්‌සු නිරුවත විකුණන්න හදන හින්දා තමයි ඔයවගේ කතා එළියට එන්නේ. ඒකට ගොඩක්‌ වෙලාවට නිරූපිකාවන් තෝරාගන්නවා. ඒකට තමයි ඔය වගේ කතා ගලාගෙන යන්නේ.
ඔබට ඒ වගේ මියුසික්‌ වීඩියෝවට ආරාධනාවක්‌ ලැබුණොත් මොකද කරන්නේ ?
නැහැ. මම භාරගන්න අදහසක්‌ නැහැ.
හිංකිති දහතුන සමග රටවටා යන ගමන සුන්දරද?
ඇත්තටම සුන්දරයි. සියවැනි දර්ශනය එළැඹෙන සතියේ ප්‍රදර්ශනය කරනවා.
අයිෂ් මෙගා වැඩභාරගන්නේ නැත්තේ ඇයි ?
මෙගා නාට්‍ය කරන්න බලාපොරොත්තුවක්‌ නැති හින්දා ඒවා භාරගන්න බැහැ.
ඇයි ඒ ?
ලංකාවේ නිෂ්පාදනය වන මෙගා නාට්‍ය ගැන මගේ ලොකු පැහැදීමක්‌ නැහැ. ඒවායේ තියෙන කොලිටි එක බොහොම අඩුයි. මෙගාවල හරියට රඟපෑමක්‌ ඉදිරිපත් කරන්න බැහැ කියන එක තමයි මගේ අදහස. ඉතිං මම ඒ වගේ වැඩවලට සම්බන්ධවෙන්න කැමැති නැහැ.
මේ දවස්‌වල රැයක්‌ දවාලක්‌ නැතිව ජිම් එකේ කියන්නේ ?
විදෙස්‌ගතවෙලා හිටපු දවස්‌වල මම ආපහු මහත්වුණා. ලංකාවට ආපු ගමන් ආපහු ජිම් යන්න පටන්ගත්තා. මේ දවස්‌වල සුපුන් දයාරත්නගේ යටතේ ආපහු බර අඩුකරගන්න ජිම් යනවා. මම ෆිගර්එක මේන්ටේන් කරන්නේ ජිම් ගිහිල්ලා. මොකද නොකා ඉන්න හරි අමාරුයි. මම කෑමට ටිකක්‌ පෙරේතයි.
අයිෂ් කටකතාවලින් වහන්වෙලා ඉන්න මොනවාද කරන්නේ ?
මට කටකතා හැදිලා නැහැනේ. හැදුනොත් කරන්න දෙයකුත් නැහැ. අනික මිනිස්‌සුන්ගේ කටවල් අපිට වහන්න බැහැනේ. තමන් හරියට ජීවත්වෙනවා නම් මොනවා කිව්වත් ඵලක්‌ නැහැනේ.
ජනප්‍රිය නළුවන්ගෙන් එන ආදර යෝජනා ප්‍රතික්‌ෂේප කරන්නේ ඇයි ?
මේක මගේ පෞද්ගලික මතය විතරයි. මම පෞද්ගලිකව නළුවෙක්‌ව කසාද බඳින්න හෝ සම්බන්ධයක්‌ තියාගන්න කැමැති නැහැ.
ආදරය විඳින්න කැමැති නැතිද?
ක්‍ෂේත්‍රයේ කෙනෙකුගෙන් ආදරය විඳින්න වුවමනාවක්‌ නැහැ. එදා ඉඳන් අද වෙනකම් ඒ අදහසේ වෙනසක්‌ නැහැ.
දැන්ම විවාහය ගැන හිතන්නේ නැතිද?
විවාහය ගැන හිතනවා. හැබැයි ක්‍ෂේත්‍රයේ කෙනෙක්‌ එක්‌ක නම් නෙමෙයි.
පෙනුම රැකගන්න මහන්සිවෙන්නේ වැඩ වැඩිපුර ලබාගන්නද?
ක්‍ෂේත්‍රයේ හිටියත් නැතත් පෙනුම කෙනෙකුට වැදගත් කියලා මම හිතනවා.
ටික ටික ජනප්‍රිය වෙනකොට මුල අමතක කළාද ?
ඇයි එහෙම කියන්නේ.
නිරූපණයෙන් ඈත්වුණ හින්දා ?
නැහැ. මම නිරූපණය අමතක කරලා නැහැ. වේදිකා නාට්‍ය හින්දා ගොඩක්‌ වෙලාවට නිරූපණ වැඩකටයුතු මගහැරුණා. තවමත් මම නිරූපණයට ආදරෙයි.
ගොඩක්‌ නිළියෝ අධ්‍යක්‍ෂවරුන්ට සල්ලි වියදම් කරලා චරිත ලබාගන්නවා කියන කතාව ගැන මොකද හිතන්නේ ?
ලොකු ආර්ථික තත්ත්වයක්‌ තියෙන අය එහෙම කරනවා ඇති. මට එහෙම අත්දැකීම් නැහැ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

කොට්ටාවේ තරුණියගේ ඝාතනය ගැන සැකකරු පාපොච්චාරණයක

Shiran Viraj

කෑන්වලට ඉන්ධන දෙන පිරවුම්හල් ලයිස්තුව මෙන්න…

Shiran Viraj

කොරෝනාවලින් ආරක්‍ෂා වෙන්න APP එකක්…

Shiran Viraj