mediahumanrights.lk
Local NewsNews

අපචාරයකට චෝදනා ලැබූ චීවරධාරියෙක් අත්අඩංගුවට

ආරච්චිකට්ටුව – බණ්ඩාරහේන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි වයස අවුරුදු 11 ක් වන සාමනේර නමකට  ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 22 හැවිරිදි චීවරධාරියෙක්  ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
ඊයේ (04) වැනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
අපයෝජනයට ලක්ව ඇති සාමනේර ස්වාමීන් වහන්සේ මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් හලාවත මහා රෝහල, ආරච්චිකට්ටුව පොලිසියට දැණුම් දීමෙන් අනතුරුව සැකකාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන  තිබෙනවා.
ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වනු ලබනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

Shiran Viraj

නේපාලයේ අවතැන් වූවන්ට ශ්‍රී ලංකාව සහන සලසයි

Shiran Viraj

කිරි බිම හැලුව ගොවීන්ට ජනපති එන්න කියයි

Shiran Viraj
Translate »