28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

සුව ඇමති හෙට මාලෙ යයි

සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා හෙට (05) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70 වන සැසිවාරයට සහභාගිවීම සඳහා අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
එම සැසිවාරය ලබන 06 වනදා සිට 11 වනදා දක්වා මාලදිවයිනේ මාලේ අගනුවර පැවැත්වෙන බව වාර්තා වෙයි.
මෙම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ සභාපතීත්වය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හොඹවන අතර එම සභාපතීත්වය  මෙවර මාලදිවයින සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් නසීම් ඊබ්රයහිම් මහතා වෙත පිරිනෑමීමට නියමිතය.
මෙවර සැසිවාරයේදී බෝනොවන රෝග සහ දේශගුණික විපර්යාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.
මේ අතර මෙවර සැසිවාරයේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත අතර එයට සහභාගීවන සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කිරීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

අගමැති පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් කැඳවයි

Shiran Viraj

ඇඳිරි නීතිය කඩකළ පිරිස 5185 දක්වා ඉහළට

Shiran Viraj

වසර පනස් දහසකට පෙර මෙරට ආදි මානවයා ඇදුම් නිර්මාණය කරගත් අයුරුත් හෙළි වෙයි

Shiran Viraj
Translate »