30.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

විද්‍යා ඝාතන ප්‍රධාන සැකකරු මුදාහල බව කියන DIG යළි රිමාන්ඩ්

යාපනය පුංකුඩිතිව් ප‍්‍රදේශයේදි ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පළායාමට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් උතුරු පළාත් භාර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සැප්තැම්බර් 13  වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා අද(04) නියෝග කළේය.
සැකකාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද(04) කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.
විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ දී ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ලබාදුන් සාක්ෂි පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
විද්‍ය දැරියගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නමැත්තා වෙත ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බව සදහන් කරමින් සැකකරු මුදා හැරීමට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දුන් බවට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ඉදිරිපත්විණ.
(under the courtesy of adaderana news web)

Related posts

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයි

Shiran Viraj

මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…

Shiran Viraj

ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…

Shiran Viraj
Translate »