2026-01-18
mediahumanrights.lk
Local NewsNews

මෙරටට තහනම් එන්සි සමඟ 1ක් කොටු

පකිස්ථානයෙන් ආනයනය කරන ලද මෙරටට තහනම් කර ඇති එන්සි නැමැති  මත්කුඩු ටින් විස්සක් සමඟ සැකකරුවෙකු බගවන්තලාව නගරයේදී අද (17) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසයි.
බගවන්තලාව නගරයේ වෙළෙඳසැලක දේව රූපයක් පිටුපස මෙම එන්සි ටින් තොගය සගවා තිබු බව බගවන්තලාව පොලීසිය කියා සිටියේය.
පාසල් ළමුන් ඇතුළු වතුකරයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් මෙම එන්සි නැමැති ග‍්‍රෑම් දහයක් අඩංගු ටින් එකක් රුපියල් තුන්සියක් වැනි මිලකට අලෙවි කර ඇති බව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඔහුට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා.. කේන්දරේ රාජ යෝගද තිබෙනවා..

Shiran Viraj

පොල් වගාව අර්බුදයක

Shiran Viraj

හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවම

Shiran Viraj
Translate »