28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
LIFE LIFE NEWS News

මුහුණේ පැත්තක්‌ පණ නැති වුණොත්

ප්‍රශ්නය – අංශභාගය නමැති රෝග තත්ත්වය පිළිබඳ ආයුර්වේද මතය පිළිබඳව මෙම ලිපි පෙළෙහි මුල් කොටසේදී අප ඔබ සමඟ සාකච්ඡා කළා. එහිදී පක්‍ෂාඝාතය ගැන කතා කළා. ඊළඟට අපට අවශ්‍ය වුණා Facial Paralysis හෙවත් අර්දිතය නමැති රෝග තත්ත්වයට අදාළ නවීන විද්‍යාත්මක අර්ථකථනය. පසුගිය ලිපියෙන් ඔබ ඒ ගැන අපට විස්‌තර කළා. අද අප ඔබ සමඟ සාකච්ඡා කරන්නේ එහි ඉතිරි කොටසයි. නවීන විද්‍යාවට අනුව අර්දිතය හෙවත් Facial Paralysis රෝග තත්ත්වය හට ගන්නේ ඇයි?
මහාචාර්ය සුජාතා එදිරිවීර – ආයුර්වේදයේ වගේම නවීන විද්‍යාව තුළත් මෙය අතිශයින් ම පුළුල් විෂයක්‌. නවීන වෛද්‍ය විද්‍යාවට අනුව අර්දිතය හට ගැනීමට ප්‍රධානතම හේතුව තමයි Bells Palsy කියන තත්ත්වය අර්දිතයේදී සිදුවන්නේ මුහුණේ මාංශ පේශීන් පාලනය කරන වක්‌ත්‍ර ස්‌නායුව හෙවත් Facial Nerveනමැති ස්‌නායුව පණ නැති වීම බව පසුගිය සතියේදී අප ඔබට පැහැදිලි කළා. මෙය හට ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට බටහිර වෛද්‍ය විද්‍යාවේ උත්තරයක්‌ නැහැ. ඔවුන් කියන්නේ නොදන්නා හේතුවක්‌ නිසා මෙය හට ගන්නා බවයි. මෙතැන තිබෙන බලවත්ම අර්බුදය තමයි නොදන්නා හේතුවකින් රෝගයක්‌ හට ගන්නවා නම් ඒ රෝගය වළක්‌වා ගැනීමට අවශ්‍ය හේතුව නිෂේධනය කිරීමේ වැඩපිළිවෙළ නිෂ්ක්‍රීය වන බව. දුකට හේතුව සොයා ගන්නේ නැතිව දුක නැති කිරීමේ මාර්ගය සොයා ගන්න බැහැ. එහෙත් ආයුර්වේදයේදී පැහැදිලිව කියනවා අංශභාගයට හේතුව වාත දොaෂය කුපිත වීම කියලා. බටහිර වෛද්‍ය අර්ථකථනයට අනුව Bells palsy කියන තත්ත්වය දින කිහිපයක්‌ තිස්‌සේ ක්‍රමයෙන් වර්ධනය වෙනවා. සමහර විට herpes simplex කියන වෛරස්‌ රෝගය හේතු විය හැකි බවට මතයකුත් තිබෙනවා. අර්දිතය වැළඳුණාම මාස ගණනක්‌ම පවතිනවා. තරුණයකුගේ රෝග තත්ත්වය මාස 6 ක්‌ වැනි කාලයකදී සුවපත් කළ හැකියි.
ශාරීරික ව්‍යාධි නිසාත් අර්දිත තත්ත්වයක්‌ හටගැනීමට පුළුවන් බව බටහිර විද්‍යාවේ සඳහන් වෙනවා. මෙහිදී වැඩිම බලපෑමක්‌ ඇති වන්නේ හදිසි අනතුරු වැනි දේවලින්. සමහර විට හදිසි අනතුරකින් මුහුණේ වක්‌ත්‍ර ස්‌නායුව තුවාල වුණොත් Facial Paralisys තත්ත්වයක්‌ හට ගන්නවා. කවුරු හරි මුහුණට පිහියෙන් ඇන්නොත් වක්‌ත්‍ර ස්‌නායුව කැපී අර්දිත තත්ත්වයක්‌ මතුවනවා. අපේ කපාලයේ තිබෙනවා ශංකඛ අස්‌ථිය කියලා ඇටයක්‌. බටහිර වෛද්‍ය විද්‍යාව මෙය හඳුන්වන්නේ Temporal Bone කියලයි. මෙයට හානි වුණාමත් වක්‌ත ස්‌නායුවට හානි වෙනවා. එතකොට Facial Paralysis තත්ත්වයක්‌ ඇති වෙනවා.
මේ අතර මැද කනේ හටගන්නා ආසාදනයක්‌ තිබෙනවා Otitis media කියලා. මෙයට කියන ආයුර්වේද නම තමයි මධ්‍ය ශ්‍රොaතදාහය. මේ ආසාදනය හට ගත්තාම එය වක්‌ත්‍ර ස්‌නායුවට පැතිර ගිහින් එහි ප්‍රදාහයක්‌ ඇති කරනවා. මේ තත්ත්වය නිසාත් වක්‌ත්‍ර ස්‌නායුව ආසාදනය වී අර්දිත තත්ත්වයක්‌ හට ගන්නා බව කිව යුතුයි.

Related posts

Online ණය පොලිය 300%යි.. වාරික පරක්කු වුනොත් අසභ්‍ය පින්තූර බුකිය පුරා…

Shiran Viraj

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

Shiran Viraj

අන්තවාදී කල්ලියේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළිත් රිමාන්ඩ්

Shiran Viraj