28.4 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

බදු වෙනස් කරන කෙටුම්පත අද විවාදයට

බදු ක‍්‍රමය සංශෝධනය කෙරෙන නව දේශීය ආදායම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (07) විවාදයට ගැණෙනවා.
ආණ්ඩුව පවසන්නේ ජනතාව මත පීඩනය අවම වන පරිදි බදු ආදායම වැඩි කර ගැනීමට මෙමගින් අදහස් කරන බවයි.
කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්‍ෂය පවසන්නේ මෙම පනත් කෙටුම්පතෙන් ජනතාව මත දරාගත නොහැකි පීඩනයක් ඇති කරන බවයි.
ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පෙන්වා දුන්නේ අධික ලෙස ජනතාව පීඩාවට පත්වෙන ආකාරයෙන් කොන්දේසි ගණනාවක් මේ තුළින් ඉදිරිපත් කර ඇති බවයි. විශේෂයෙන් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට බදු අය කිරීම, රටේ පුණ්‍ය ආයතනවලින් බදු අයකිරීම සහ සහනාදාර ලබාදෙන පුද්ගලයින්ගෙන් එම මුදලට සාපේක්ෂව බදු අයකිරීම වැනි කරුණු පෙන්වා දිය හැකි බවත් සඳහන් කළා.
අද පැවැත්වෙන විවාදයේදී මෙම කෙටුම්පතට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බවද ආණ්ඩුව ඒවාට එකග නොවුනහොත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කරන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා කියාසිටියා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණද මෙම කෙටුම්පතට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කරන බවයි. කෙසේවෙතත් සිය පක්ෂයේ සංශෝධනද අද ඉදිරිපත් කරන බවත් සඳහන් කළා.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියාසිටියේ තුනෙන් දෙකකට ආසන්න බහුතරයකින් නව දේශීය ආදායම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…

Shiran Viraj

පොදු වැසිකිලි උද්දමනය අහසට.. එක් වරක් භාවිතයට රුපියල් සීයයි…

Shiran Viraj

ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi එක්වෙයි

Shiran Viraj
Translate »