30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති තාත්තා කියවූ අගමැති කියන කතාව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් රචනා කරන ලද “ජනාධිපති තාත්තා” පොත කියවීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ ඔහුගේ අදහස තම ෆේස්බුක් පිටුවෙහි මෙසේ සටහන්කර තිබෙනවා.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට මා ඊයේ දින සහභාගි වුණා.
ජනාධිපතිතුමා මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත්තේ එතුමාගේ චරිතයේ ඇති සුවිශේෂී ලක්ෂණ නිසාවෙනි. එතුමාගේ චරිතයේ ඇති එම සුවිශේෂී ලක්ෂණ පිළිබඳව ගැඹුරින් හදාරන්නට අවස්ථාවක් මේ රටේ විද්වතුන්ටත්, දේශපාලනඥයින්ටත්, සිවිල් ක්‍රියාකාරීන්ටත්, ජනතාවටත්, චතුරිකා සිරිසේන මහත්මියගේ මෙම පොත මගින් ලැබෙනු ඇත.

(under the courtesy of nethfm news web)

Related posts

බන්ධනාගාර සිද්ධිය-වාර්තාව ලබන සතියේ බාරදෙයි

Shiran Viraj

රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..

Shiran Viraj

යතුරුපැදි සහ ත්‍රිරෝද රථත් හෙට සිට වමෙන් යා යුතුයි

Shiran Viraj
Translate »