28.2 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

ගිනි අවියක් සමඟ 1ක් මාට්ටු

පිටිගල, නෙළුවන්කන්ද ප්‍රදේශයේදී බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී සැකකරු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු පිටිගල, ගොඩාමුණ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 17500ක් මුදල් ඇපයක් මත නිදහස් කර ඇති අතර  සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana news web)

Related posts

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Shiran Viraj

NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Shiran Viraj

සජිත්ගේ අවශ්‍යතාවය අද ජනතාවට දැනිලා.. සජිත් හිටියානම් මෙහෙම වෙන්නෙ නෑ කියනවා..

Shiran Viraj
Translate »