mediahumanrights.lk
Local NewsNews

අද හවස කොළඹ වටලන්න වාහන 5000ක් එයි! දැඩි රථ වාහන තදබදයක ලකුණු!

සයිටම් විරෝධී ජනපවුර මගින් සංවිධාන කළ දැවැන්ත රථ පෙළපාලි 5 ක් දිවයිනේ ප‍්‍රධාන නගර 5 ක සිට අද (15) කොළඹ නගරයට පැමිණෙනවා. ඔවුන් මෙම විරෝධතා රථ පෙළපාලිය ආරම්භ කළේ එක්දින සංකේත වැඩවර්ජන මාලාවක්ද සමගයි. අද පස්වරුවේ සිය විරෝධතාවයෙන් කොළඹ වටලන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
මේ යටතේ රථ පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් එකවර කොළඹ නගරයට පැමිණෙන බවයි ඔහු සදහන් කළේ.
මේ අතරතුර එක්දින සංකේත වැඩවර්ජන මාලාවේ අවසන් අදියරද අද පැවැත්වෙනවා. ඒ, දිස්ති‍්‍රක්ක 5 ක් මුල්කර ගනිමින්.  පැය 24 ක වැඩවර්ජනයක් ලෙසයි එය කි‍්‍රයාත්මක වන්නේ. ඒ පුත්තලම ගම්පහ කොළඹ කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්ක පහ තුළ අද උදෑසන 8.00 සිට එම වර්ජනය ක්‍රියාත්මක වන බවයි සයිටම් විරෝධී ජනපවුරේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පවසන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

රටවල් 47 ක් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව සමග සිට ගනියි

Shiran Viraj

කළුතරට පැය 16ක ජල කප්පාදුවක්

Shiran Viraj

මංගලගේ අයවැයේ වැරදි මහින්ද හෙළි කරයි

Shiran Viraj
Translate »