mediahumanrights.lk
Local News News

අද හවස කොළඹ වටලන්න වාහන 5000ක් එයි! දැඩි රථ වාහන තදබදයක ලකුණු!

සයිටම් විරෝධී ජනපවුර මගින් සංවිධාන කළ දැවැන්ත රථ පෙළපාලි 5 ක් දිවයිනේ ප‍්‍රධාන නගර 5 ක සිට අද (15) කොළඹ නගරයට පැමිණෙනවා. ඔවුන් මෙම විරෝධතා රථ පෙළපාලිය ආරම්භ කළේ එක්දින සංකේත වැඩවර්ජන මාලාවක්ද සමගයි. අද පස්වරුවේ සිය විරෝධතාවයෙන් කොළඹ වටලන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
මේ යටතේ රථ පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් එකවර කොළඹ නගරයට පැමිණෙන බවයි ඔහු සදහන් කළේ.
මේ අතරතුර එක්දින සංකේත වැඩවර්ජන මාලාවේ අවසන් අදියරද අද පැවැත්වෙනවා. ඒ, දිස්ති‍්‍රක්ක 5 ක් මුල්කර ගනිමින්.  පැය 24 ක වැඩවර්ජනයක් ලෙසයි එය කි‍්‍රයාත්මක වන්නේ. ඒ පුත්තලම ගම්පහ කොළඹ කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්ක පහ තුළ අද උදෑසන 8.00 සිට එම වර්ජනය ක්‍රියාත්මක වන බවයි සයිටම් විරෝධී ජනපවුරේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පවසන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

"අද ඇරඹෙන තැපැල් වර්ජනයට 25000ක් සහය දෙයි"

Shiran Viraj

අපි සිංහාසනයක් හැදුවා. ඒ සිංහාසනයේ දැන් වෙන කවුරුවත් දැන් ඔටුනු පලන්දන් ඉන්නේ

Shiran Viraj

රුපියල් 109ට වඩා වියදම් කලොත් දින්නත් ජනාධිපතිකම අහෝසියි.. ප‍්‍රජා අයිතියත් අහෝසියි..

Shiran Viraj