26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

රටවල් 06ක් එකතු වෙලා ජගත් ජයසූරියව හිර කරන්න යයි

යුධ අපරාධ චෝදනා එල්ල වූ බ‍්‍රසීලයේ ශ‍්‍රී ලංකා තානාපති, හිටපු යුධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය බොහෝ දුරට අද (30) දිනයේ දිවයිනට පැමිණෙනු ඇතැයි වාර්තා වනවා. ඒ, සිය තානාපති ධුරයේ නිල කාලය අවසන් වීම හේතුවෙන්.
කෙසේ වෙතත් මේ වනවිට ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුධ අපරාධ චෝදනා මුල්කර ගනිමින් ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ, යුද්ධයේ අවසන් සමයේ දී යුධ අපරාධ සිදු කළ බවට චෝදනා කරමින්. දකුණු අමෙරිකානු රටවල් කිහිපයක මානව හිමිකම් සංවිධාන විසින් මෙම චෝදනා ගොනුකර ඇති බවයි පැවසෙන්නේ.
ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණ ව්‍යපෘතිය නම් සංවිධානය පවසන්නේ රෝහල්වලට පහරදීම, වද බන්ධන හා ලිංගික ප‍්‍රචණ්ඩත්වය, පැහැරගෙන යාම් හා මනුෂ්‍ය ඝාතනවලට අණ දුන් තැනැත්තා වන්නේ ජෙනරාල් ජගත් ජයසූරිය බවයි.
යුද්ධයේ අවසන් සමයේ වන්නි ආරක්ෂක ආඥාපතිව සිටිය දී ඔහු සිදු කළ ක්‍රියා මෙම යුධ අපරාධවලට සම්බන්ධ වී ඇති බව පවසමිනුයි නඩු පවරා ඇත්තේ. චෝදනා එල්ල කර ඇති මානව හිමිකම් සංවිධාන බ‍්‍රසීලය, කොලොම්බියාව, ආජන්ටිනාව, චිලී, පේරු හා සූරිනේම් යන දකුණු අමෙරිකානු රටවල ක‍්‍රියාත්මක වනවා.
ජෙනරල් ජගත් ජයසූරිය යුධ හමුදාවෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව බ‍්‍රසීලයේ ශ‍්‍රී ලංකා තානාපති ධුරයට පත් කෙරුණා.
ඊට අමතරව ඔහු කොලොම්බියාව, ආජන්ටිනාව, චිලී, පේරු හා සූරිනේම් යන රටවල්හි දී තානාපති මුක්තිය යටතේ කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.
ඇසෝසියේටට් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කර තිබුණේ ජෙනරල් ජගත් ජයසූරිය සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුව ද එය ව්‍යර්ත වූ බවයි. ඊට හේතුව ලෙස එහි දක්වා තිබුණේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ඉකුත් ඉරිදා බ‍්‍රසීලයෙන් පිටත්ව ගොස් ඇති බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..

Shiran Viraj

ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..

Shiran Viraj

සියෙරා ලියෝන්හි නායයෑමෙන් පුද්ගලයින් 312ක් මියයයි

Shiran Viraj
Translate »