mediahumanrights.lk
NewsPolitical

“පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම්

“පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම්
එක්සත් ජාතික පෙරමුණ සඳහා සහාය දුන් කිසිඳු සුළු පක්ෂයක් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් නොවන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.
අඹේවල පිහිටි හයිලන්ඩ් කිරිපිටි කර්මාන්ත ශාලාව නවීකරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය කුමක් ප්‍රකාශ කළද 2020 වසර වනතෙක් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බවත පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා උතුරේ මෙන්ම දකුණේ සුළු පක්ෂවල කිසිඳු සහයක් නොලැබෙන බවද ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු දවසේ ඉදලා කියනවා ආණ්ඩුව අද ගන්නව හෙට ගන්නවා කියලා.. ඊට පස්සේ නාමල් රාජපක්ෂ කියනවා. ඊයේ පෙරේදා මහින්දානන්ද මන්ත්‍රීවරයා කියනවා බොහොම ඉක්මණට මහින්ද රාජපක්ෂ අගමැති කරනවා කියලා. අපි කියන්නේ පුළුවන්නම් කරන්න කියලා.. එක්සත් ජාතික පෙරමූණේ 105 ක් ඉන්නවා.. අපි කවදාවත් යන්නේ නෑ.. ඒ වගේම සුළු පක්ෂ කට්ටිය කවදාවත් යන්නෙත් නෑ.. ඉතිං කොහමද ආණ්ඩුව මාරු කරන්නේ.. කව්රුත් බය වෙන්න එපා 2020 වෙනකං මේ ආණ්ඩුව යනවා.. අපි අමාත්‍යාංශ බාරගෙන කෙළින් වැඩ කරනවා.” යැයි පැවසීය.
(under the courtesy of asianmirror news web)

Related posts

ඩොලර් සංචිත හොදටම හිදේ.. අතේ ඇත්තේ තෙල් නැවු හතරකට පමණයි..

Shiran Viraj

Online ඉගැන්වීම අමානුෂික ජාවාරමක් වෙයි..

Shiran Viraj

ලෝකයම උඩුයටිකුරු කරමින් හිසට හිසක් බද්ධ කිරීමේ සැත්කම සාර්ථකයි – ඔබේ ඇඟට වෙනත් හිසක් බද්ධ කිරීම අතළඟ – වීඩියෝ

Shiran Viraj
Translate »