26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අරඹයි

මෙවර පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද (31) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එය ලබන මස 5 වැනිදා තෙක් පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත කියාසිටියේ.
ඇගයීම් මණ්ඩල 384කදී පිළිතුරු පත‍්‍ර ඇගයීම සිදුකරනවා.
ඒ සඳහා ගුරුවරුන් 6965 දෙනෙකු එක්වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
ඉකුත් විසි වැනිදා විභාග මධ්‍යස්ථාන 3014 දී විභාගය පැවැත්වුණා.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් ගණන තුන් ලක්‍ෂ පනස් හයදහස් හත්සිය විසි අටක්.
(under the courtesy of nethfm news web)

Related posts

වෛද්‍ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්‍ෂකවරුන් වර්ජනයක් අරඹති…

Shiran Viraj

‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

Shiran Viraj

කටගැස්මක් නොවිය යුතු පාතාල මර්දනය

Shiran Viraj
Translate »