28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි සිංහ පැටවෙකු ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි සිංහ පැටවෙකු ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවට භාරදීම ඊයේ සිදුවුණා. ඒ දෙහිවල සත්වෝද්‍යානයේ පැවති උත්සවයක දීයි.සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු සිංහ දේනුවකට සහ සිංහයෙකුට දාවයි මෙම පැටවා පසුගිය අප්‍රේල් මස දහසය වනදා උපත ලබා තිබෙන්නේ. හම්බන්තොට රිදීගම සෆාරි උද්‍යානයේ දීයි මෙම පැටවා උපත ලබා ඇත්තේ. මාස පහක් පමණ වන සිංහ පැටවාගේ මව චීනයෙන් ද පියා ජර්මනියෙන් ද ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානයට භාරදී තිබුණා. නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය විසින් සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා මහතා වෙත සිංහ පැටවා නිල වශයෙන් භාරදුන්නා. මෙම අවස්ථාවට සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මල්සිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වුණා. ඒ සමඟ සිංහ පැටවාගේ නිවහන අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානය වනවා.

.itnnews.lk

Related posts

වත්කම් බැරකම් නීතිය සංශෝධන කෙරේ.. අලුතින් ඇතුලත් කණ්ඩ මෙන්න…

Shiran Viraj

ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

Shiran Viraj

"මෙතෙක් නොගත් දැඩි තීරණයක් අද ගන්නවා" -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

Shiran Viraj
Translate »