29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
NewsPolitical

ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරිමින් කළ කතාව

වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා.
තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ.
ප්‍රකාශය ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ සමාජජාල හරහා මෙන්ම ඇතැම් මන්ත්‍රිවරුද තමන් පිළිබඳව පසුගියදා විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමටත් තම ස්ථාවරය දැනුම්දීමටත් මෙම ප්‍රකාශය සිදු කරන බවයි.
තමන් සතු බත්තරමුල්ල ප්‍රදේශයේ නිවස ප්‍රතිසංස්කරණය කිරීම නිසා ලබා ගත් කුලී නිවස පිළිබඳවත් එම නිවස හිමිකර ගැනීම පිළිබඳවත් බැඳුම්කර කොමිසම හමුවේ තමන් කරුණු සඳහන් කළ බවත් ඔහු එහිදී සිහිපත් කළා.
පසුකාලීනව එම නිවස ලබා ගැනීම සඳහා මුදල් ලබා ගත්තේ තම පවුලේ පිරිස අධ්‍යක්ෂ පදවි දරණ ආයතනයනක් විසින් පුද්ගලික බැංකුවකින් ලබාගත් ණයකින් බව සඳහන් කළ අමාත්‍යවරයා එහි ලේඛණ සහ වාර්තා සභාගත කරන බවද කියා සිටියා.
තමන් ලලිත් ඇතුලත්මුදලි මහතා සමග දේශපාලනය ආරම්භ කළ බවත් ඔහුටද නැව් ගිල්ල බවට ඇතමුන් අභූත චෝදනා එල්ල කළ බවත් ඔහු කියා සිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

Shiran Viraj

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?

Shiran Viraj

අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOA

Shiran Viraj
Translate »