31.5 C
Colombo
2026-10-15
mediahumanrights.lk
International NewsNews

ඉතාලියේ භූ කම්පනයකින් අයෙක් මරුට – 9ක් අතුරුදන්

ඉතාලියේ බටහිරදිග ඉෂියා දිවයින කේන්ද්‍ර කොටගෙන අද අලුයම ඇති වූ භූ කම්පනයකින් කාන්තාවක මිය ගොස් තවත් 9 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
සංචාරක නිකේතන දිවයිනක් වූ මෙහි තවත් පුද්ගලයන් 25 දෙනෙකු භූ කම්පනය හේතුවෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
රික්ටර් පරිමාණයේ 4ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයෙන් දිවයිනේ උතුරුදිග පිහිටි දේවස්ථානයක් කඩා වැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ බව සඳහන්.
මෙම භූ කම්පනය වාර්තා වන්නේ පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් මධ්‍යම ඉතාලියේ සිදුවූ භූ කම්පනයේ වසරක අනුස්මරණයට දින දෙකක් තිබියදීයි.
(under the courtesy of hirunews news web)

Related posts

කොළඹ LockDown ෆ්ලැට්වලට සුබ ආරංචියක්..

Shiran Viraj

හමුදා සෙබලෙකුට බිරිඳ පහර දෙයි

Shiran Viraj

මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්

Shiran Viraj
Translate »