2026-08-25
mediahumanrights.lk
Local NewsNews

අධිකරණ අමාත්‍යතුමිය වැඩ අරඹයි

නව අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙහි වැඩ බාර ගැනීම අද (31 )පෙරවරුවේ සුබ නැකතට අනුව අධිකරණ අමාත්‍යාංශයේදි සිදු කර තිබිණි.
මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය  අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
වැඩ බාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරිය මාධ්‍ය හමුවක් ද පැවැත් විය.
(under the courtesy of adaderana news web)

Related posts

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

Shiran Viraj

අමාත්‍යාංශ කාර්යාල 32කට STF යවයි

Shiran Viraj

බැංකු හෝ මුල්‍ය ආයතනවල තැන්පතු සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් මහ බැංකුවට නෑ ලු

Shiran Viraj
Translate »