mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

STEM අධ්‍යාපනය ප්‍රවර්ධනයට ක්‍රියාකාරී සැලසුමක්

නවෝත්පාදනයන් මුල් කරගත් දැනුම මත පදනම් වූ ආර්ථිකයක් හරහා ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේදී විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM අධ්‍යාපනය) යන විෂය ක්ෂේත්‍රයන්හි නිපුණ ශ්‍රම බලකායක් සිටීම ඉතා වැදගත් වේ. එමෙන්ම, පරිගණක, ගණිතය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු විද්‍යාව, නිෂ්පාදන සැලසුම් නිර්මාණය, රොබෝ විද්‍යාව සහ නිනිති තාක්ෂණය, ජෛව තාක්ෂණය වැනි නැඟී එන තාක්ෂණයන් ආශ්‍රිත රැකියාවන් කෙරෙහි රැකියා වෙළඳපොළ නැඹුරුවීමේ ජාත්‍යන්තර ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එහි ඉහළ වැටුප් සහිත රැකියාවන් ලබාගැනීම සඳහා ද STEM අධ්‍යාපනය මඟින් ලැබෙන දැනුම ඉවහල් වනු ඇත. ලෝකයේ දියුණු රටවල් රාශියක් විසින් සිය කාර්මික වර්ධනය ඉහළ නැංවීමේ පියවරක් ලෙස STEM අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරනු ලබයි.
ඒ අනුව, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව තුළ STEM අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීමට සහ නවෝත්පාදනයන්ට තුඩුදෙන වෙනත් ඒ හා සමාන විෂය ක්ෂේත්‍ර මෙරට අධ්‍යාපන ක්‍රමයට හඳුන්වාදීම සඳහා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැලසුමක් සකස් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ යන විෂයයන් භාර අමාත්‍යවරුන් ඇතුළත් වන අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
(under the courtesy of adaderana news web)

Related posts

“පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම්

Shiran Viraj

පළමු වතාවට ලංකාවේ ලොතරැයි දැන් පිටරට විකුණන්න හදන්නේ – දයාසිරි

Shiran Viraj

දෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලට

Shiran Viraj
Translate »