mediahumanrights.lk
News Sports Sports News

ප්‍රේමදාස පිටියේ ඉතිහාසය මෙන්න -අද තරගය කාගෙද?

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිවුවන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා.  අද තරගයේදී ලසිත් මාලිංග ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්වන්නේ 21 වන එක්දින කි‍්‍රකට් නායකයා ලෙසයි.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී මේ දක්වා එක්දින තරග 104 කට කී‍්‍රඩා කර තිිබෙනවා. ඉන් ශී‍්‍ර ලංකාව තරග 64ක් ජය ගත් අතර තරග 33ක් පරාජයට පත් වුණා.
ආර් පේ‍්‍රමදාස පිටිය එක්දින තරග සඳහා ශී‍්‍ර ලංකාවට වාසිදායක කී‍්‍රඩාංගණයක් ලෙසයි සැලකෙන්නේ. මෙරට ක‍්‍රීඩාංගණ අතරින් එක්දින තරගවලදී ශී‍්‍ර ලංකාවට වැඩිම ජයග‍්‍රාහී ප‍්‍රතිශතයක් ඇති කී‍්‍රඩාංගණය වන්නේද ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයයි.
ඉන්දීය කණ්ඩායමද ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 41කට කී‍්‍රඩා කර තිබෙනවා. ඉන් තරග 19ක් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. පරාජය වූ එක්දින තරග සංඛ්‍යාව 18ක්.
මේ අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව එක්දින තරග 31කදී එකිනෙකා මුණ ගැසී තිබෙනවා. ඉන් තරග 15ක් ශී‍්‍ර ලංකාව ජය ගත් අතර තරග 13ක් ඉන්දීයාව ජය ගත්තා. ශී‍්‍ර ලංකාව අවසන් වරට කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්තා කළේ 2009 වසරේදීයි. එම තරගයේදී සනත් ජයසූරිය ලකුණු 98ක් ලබා ගත් අතර ඇනජලෝ මැතිවිස් කඩුලු 6ක් දවා ගනිමින් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කර රැගෙන ගියා.
(under the courtesy of nethfm news web)

Related posts

බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….

Shiran Viraj

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

Shiran Viraj

රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

Shiran Viraj