mediahumanrights.lk
International NewsNews

ඩුබායි හි පන්දම යළි ගිනි ගනී

ලොව උසම නිවහන් ගොඩනැගිල්ල ලෙස පැවති මහල් 79 කින් යුත් ඩුබායිහි ‘‘ද ටෝච්’’ හෙවත් පන්දම් කුළුණු ගොඩනැගිල්ල වසර දෙකක් ඇතුළත යළි ගිනිගැනීමට ලක්වී තිබෙනවා.
ගින්න පැතිරයාමත් සමග එහි නිවහන් 676 ක සිටි පවුල් ඉවත් කර ගැණුනු අතර, ගින්න පාලනය කිරීම සදහා ඩුබායි සිවිල් ආරක්ෂක බලකාය දැඩි පරිශ්‍රමයක නිරතව සිටියා.
2015 වසරේ ඇති වූ මහා ගින්නකින් ද ඊට හානි සිදුවුණා.
දැන් ඇති වී තිබෙන ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ගින්න නිසා දැවුණු සුන්බුන් ඇදවැටෙන ආකාරය සමාජජාල මාධ්‍යවලට එක් කළ වීඩියෝ පට වල දැක්වෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

රුසියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුනත් දැන් ලංකාවට ගන්න බෑ…

Shiran Viraj

වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

Shiran Viraj
Translate »