mediahumanrights.lk
Local NewsNews

ග්‍රාමීය සිසුන්ට අධ්‍යාපනික උපකරණ දීමට ආධාර ඉල්ලයි

ග්‍රාමීය පාසල් තුනක ඉගෙනුම ලබන දරු දැරියන් 82 දෙදෙනෙකුට අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව Outreachers Benevolent Society පවසයි.
එම දරු දැරියන් ඉගෙනුම ලබන්නේ, බලන්ගොඩ පිහිටි බෝවත්ත විද්‍යාලය, මුල්ගම විද්‍යාලය සහ වටවල විද්‍යාලය යන පාසල්වලයි.
මෙම ව්‍යාපෘතිය සඳහා යන වියදම රු. 783,455ක් ලෙසින් ගණන් බලා ඇති බව කියා සිටින පුන්‍යායතනය, ඊට දායක වීම සඳහා ගම්පහ පිහිටි ලංකා බැංකුවෙහි ගිනුම් අංක 75289597ට මූල්‍යමය පරිත්‍යාග සිදු කරන්නැයි ඉල්ලා සිටී.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් සහ උපාධිධාරිනියන් එක්ව පිහිටුවා ඇති මෙම පුන්‍යායතනයෙහි කාර්යාලය නුගේගොඩ, තලපත්පිටියේ පිහිටා ඇත.
එය මීට පෙර ග්‍රාමීය පාසල් හතරක සිසු සිසුවියන් අතර රු. මිලියන 1.6කට අධික වටිනාකමක් ඇති අධ්‍යාපනික උපකරණ බෙදා දී තිබේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

ලන්ඩන් ගින්නෙන් ලාංකිකයන්ට හානියක් නෑ – විදෙස් කටයුතු අමාත්‍යාංශය කියයි

Shiran Viraj

අපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..

Shiran Viraj

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට..

Shiran Viraj
Translate »