mediahumanrights.lk
NewsPolitical

අද ජනපති හමුවෙන සයිටම් විරෝධීන් ඉල්ලන දේ

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා සයිටම් විරෝධි පාර්ශ්ව අතර අද (25) දහවල් පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එම සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු අනෙකුත් පාර්ශ්ව රැසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වනවා. මෙහිදී සයිටම් අර්බුධයේ නවතම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන්නට කටයුතු කරනවා.”යනුවෙනි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීමෙන් මෙම ප්‍රශ්නය විසඳී නැති බවත් ජනාධිපතිවරයාගෙන් කඩිනම් විසඳුමක් අපේක්ෂා කරන බවත් මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..

Shiran Viraj

නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..

Shiran Viraj

කොමිසන් සභාවල නියෝජිතයින් ජනපතිට කරුණු කියයි

Shiran Viraj
Translate »