28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුව යොදා ගත් හෙරොයින් මධ්‍යස්ථානයක් වටලයි

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුව යොදා ගත් හෙරොයින් මධ්‍යස්ථානයක් වටලයි
හැලපිටිය ප්‍රදේශයේ කුලියට ගත් නිවසක රහසිගතව පවත්වාගෙන ගිය හෙරොයින් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් පිලිබඳ ලැබුණු තොරතුරකට අනුව වැටලීම් සිදු කළ අතර රුපියල් ලක්ෂ 5කට අසන්න මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ රත්මලාන, හිරන හා පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මෙලෙස රහසිගතව පවත්වාගෙන යමින් තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමේ දී අදාළ නිවසේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 650ක්, හෙරොයින් මත්කුඩු පැකට් 4000ක්, මත්කුඩු කිරීම සඳහා ගන්නා ඉලෙක්ට්‍රොනික් තරාදියක්, මත්කුඩු පැකට් කිරීමට ගන්නා විවිධ ලාංජන සහිත කඩදාසි තොගයක්, ජංගම දුරකථන 5ක් හා කඩදාසි කපන යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
එම නිවසේ සිට කහතුඩුව දියකඩ ප්‍රදේශයට පැමිණි තරුණයෙකු සන්තකයේ තිබී මත්කුඩු පැකට් 40ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත අනෙක් පුදගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර වැටලීම් සිදු කරනු ලැබූ අවස්ථාවේදීත් ඔවුන් මත් ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි බව පොලිස් නිලධාරීන් සඳහන් කර ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු රුපියල් 16,000ක මාසික කුලී පදනම යටතේ මෙම නිවස ලබා ගෙන තිබෙන බවත් නිවසේ හිමිකරුට පවසා ඇත්තේ මෙහි වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වන බවයි.
එහි විශේෂත්වය වන්නේ ලොව ප්‍රකට බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ගේ පින්තූරයක්ද කුඩු පැකට්හි වෙළඳ ප්‍රචාරක පින්තූරයක් ලෙස භාවිත කර තිබීමයි.
කෙසේවෙතත් පොලිස් නිලධාරීන් විසින් වැටලීම් සිදු කරන බව දැනගෙන ඔවුන් විසින් මත්කුඩු විශාල ප්‍රමාණයකට ගිනි තබා ඇති බවත් එම නිවසේ තිබී අලෙවියට සූදානම් කර තිබූ මත් කුඩු පැකට් තොගයක් සොයා ගත් බවත් සඳහන් වේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් හා නඩු භාණ්ඩ හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවත් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

(under the courtesy of asianmirror news web)

Related posts

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

Shiran Viraj

රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝග

Shiran Viraj

විමල්ට තවත් පැමිණිල්ලක් ගොනුවෙයි

Shiran Viraj