31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

සීමාව ඉක්මවූ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අත්අඩංගුව ගෙන ඇත්තේ, උතුරු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රා මඟින් ඊයේ (09) රාත්‍රී සහ අද (10)අලුයම ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින්, නාවික සැතපුම් 9.5 ක්, 6 ක් සහ 7 ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදීය.
මෙම ඉන්දීය ධීවරයින්, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මඟින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති අතර, එය සාගර සම්පත් විනාශ කරන මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස හදුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවන් සහ භාණ්ඩ කරෙයිනගර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද, ධීවරයින් කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙතද රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත බාර දීමට නියමිතයි.
මේ අතර පසුගිය අගෝස්තු මස 03 වන දින, අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුල්‍වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නිදහස් කිරීමට ද නාවික හමුදාව කටයුතු කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

විදුලි සේවකයන් වර්ජනයේ…

Shiran Viraj

දවල් කෑමට පස්සේ නිදිමතයි ද?

Shiran Viraj

ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තා එයි

Shiran Viraj
Translate »