23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
Local NewsNews

සෑම අධිවේගී මාර්ගයකටම පිටකොටුවෙන් ප‍්‍රවේශ මාර්ගයක්

සෑම අධිවේගී මාර්ගයකට ම ප‍්‍රවේශ විය හැකි ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය පිටකොටුවේ ඉදිකරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මීගොඩ ආටිගල මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
වරාය නගරයේ පළමුවැනි ඉඩම් වෙන්දේසිය ලබන වසරේදී සිදු කරන බවත් කොළඹ නගරය හා තදාසන්න නගර යා කරමින් සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධති 7ක් ඉදිරි වසර 5 තුළදී ඉදිකිරීමට සැලසුම් කොට ඇතැයි ද ඔහු මෙහිදී පැවසීය.
“අප අමාත්‍යාංශය යටතේ විධිමත් සැලැස්මක් යටතේ කොළඹ සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා. ඊළඟ අවුරුදු 10 ඇතුළත කොළඹ නගරය සීග‍්‍ර වෙනසකට පත් කරනවා. කොළඹ වරාය නගරය අපි අධිවේගී මාර්ග පද්ධතියට එක් කරනවා.
එයට අමතරව ඉදිරි වසර පහ තුළදී දුම්රිය ද්ව්ත්ව මාර්ග පද්ධතියක් බවට පත් කර විදුලිකරණය කිරීම සිදු කර සැහැල්ලූ දුම්රිය පද්ධතියක් කොළඹ නගරයේ ඇස්වාට්ටුව හරහා ගුවන් දුම්රිය පද්ධතියක් ඇතිකිරීමට කටයුතු කරනවා. එහි කටයුතු ලබන වසරේදී ආරම්භ  කරනවා.
දැනට දුම්රිය පද්ධතිය හෝ බස්රථවලට අසුනොවන සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය පද්ධති මාර්ග 7 ක් අපි ඇති කරනවා. ” යැයි අමාත්‍යවරයා පැවසීය.
බස්නාහිර කලාපීය මහානගර සංවර්ධන සැලැස්ම යටතේ ආටිගල මාර්ගය ප‍්‍රතිසංසකරණය කළ අතර නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවන ලදි.
(under the courtesy of adaderana news web)

Related posts

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

Shiran Viraj

ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..

Shiran Viraj

එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

Shiran Viraj
Translate »