28.4 C
Colombo
2026-09-20
mediahumanrights.lk
NewsPolitical

මෛත්‍රී ගේ උපන්දිනය අද … රනිල් එක්ක නුවරඑළි ගිහින්

අග්‍රාමාත්‍ය ආර්යා – මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ගේ උපන්දිනය අදට (11) ට යෙදී තිබේ.
ඇය අද දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග තෙදිනක සංචාරයක් සඳහා නුවරඑළිය නගරයට ගොස් ඇතැයි වාර්තා වේ.
කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග රනිල් වික්‍රමසිංහ මහතා හා විවාහ දිවියට එළඹියේ 1994 වසරේදී ය.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නිදහස් මත දරන්නියක් ලෙස ප්‍රකට අතර, පසුගිය මැයි මාසයේදී පැවති “නිහඬ වේදනාවේ සාක්ෂිය” කෘතිය එළිදකින අවස්ථාවේ සභාව අමතමින් ඇය විසින් සිදුකරන කථනයට දෙස් විදෙස් ප්‍රශංසාව හිමිවිය.
මෙරට දමිල, මුස්ලිම් සහ ක්‍රිස්තියානි වැසියන්ට එරෙහි සීනොෆෝබියා ව්‍යාපාර වළක්වාගන්නට දිගින් දිගටම අසමත් වීමේ ඉතිහාසය තුළ අසහනය සහ අගතිය, අනාරක්ෂිතභාවයන් මතුව ඇතැයි ඇය එහිදී පැවසුවාය.
සබැඳි පුවත්
අගමැති බිරිඳ ගෙන් සුපිරි කතාවක්
srilankamirror.com

Related posts

තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශයි – පාඩුව කෝටියයි

Shiran Viraj

බංගලියන් නැවතත් ශ්‍රී ලංකාව පසුකර යයි – නවසීලන්තයටත් දුවන්න දෙයි

Shiran Viraj

භාරතයේ දේවිය ධර්මා ලංකාවේදී යශෝධරා වූවාය….

Shiran Viraj
Translate »