mediahumanrights.lk
Local News News

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ වහාම නිවැරදි කරන්න.. එ.ජා.පයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශයක් වහාම නිවැරදි කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසුවේ අදාළ බැඳුම්කර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් ට්‍රිලියනකක් අලාභයක් සිදුව ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි.
එහෙත් එය වැරදි තත්වයක් බවද නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියා.
මන්ත්‍රීවරයා මෙම කරුණු දැක්වූයේ එක්සත් ජාතික පක්ෂය සිරිකොත මන්දිරයේ අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව එක්සත් ජතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරියේදී විරෝධතා සිදු කිරීමට ද ඉඩ තිබෙන බවයි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

(under the courtesy of nethfm news web)

Related posts

රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්

Shiran Viraj

ශ‍්‍රී ලංකාව අද අවසන් මහ තරගයේ…

Shiran Viraj

ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..

Shiran Viraj