27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

‘‘ පුංචි කාලේ ඉඳලම වාහන වලට ගොඩක් ආසයි…‘‘ – මෝටර් රථයට ගොඩවූ සිඟිත්තෙකු දොර ඇරගැනීමට නොහැකිව ජීවිතයට සමුදුන් හැටි..!

අක්කරපත්තු, ඔලුවිල් පල්ලිය පාරේ නිවසක වයස අවුරුදු පහ හමාරක් පමණ වයසැති කුඩා දරුවෙකු එම පාරේ නවතා තිබුණ කාර් එකක් ඇතුලේ සිට අගුල් ඇරගෙන එළියට ඒමට නොහැකිවී හවස් වනවිට එම කාරය තුළ මියගොස් සිටි බව අක්කරපත්තු පොලිසිය පවසයි.
මෙම දරුවා පසුගිය 6දා සවස 1 පමණ ගෙදර සිට කඩේට යනවිට පාරේ නවතා තිබුණ කාරයකට නැග ඇත.
දොර වහගත් ඔහුට එළියට ඒමට නොහැකිවිය. පවුලේ අය ළමයා සෙව්ව ද කාරය ගැන සැලකිලිමත් වී නැති අතර හවස කාරය අයිතිකරු පැමිණ දොර ඇර බලනවිට ළමයෙක් සිටින බව දැක ඇත. සිහිසුන්ව සිටි ළමයා ඔලුවිල් රෝහලට ගෙන ගිය ද ඒ වනවිට ළමයා මියගොස් සිටි බව වෛද්‍යවරු පවසා ඇත.
මෙසේ මියගියේ අක්කරපත්තු – ඔලුවිල් පල්ලිය පාරේ පදිංචිව සිටි ලාෆීර් ඉත්තාබ් නැමැති වයස අවු. 5 ½ දරුවෙකි. මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.
(under the courtesy of nethfm news web)

Related posts

කොදෙව්වන්ට ලකුණු 106 ජයක්

Shiran Viraj

ප්‍රදේශ කිහිපයකට සවස 4 වෙනකම් වතුර නෑ

Shiran Viraj

මෙවර යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ සහතික මිල ගණන් මෙන්න

Shiran Viraj
Translate »