2026-07-03
mediahumanrights.lk
NewsPolitical

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(25) සිදු කෙරනු ඇත.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ පනත පසුගිය ජුනි මස 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ඊයේ(24) සිදුකෙරුණු අතර ඊට සංශෝධන 27ක් ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
සමානුපාතික සහ කොට්ඨාශ ක්‍රමයේ සම්මිශ්‍රණයක් ලෙස ඡන්දය පැවැත්වීමට මෙම පනත මඟින් යෝජනා කර ඇති අතර නව ඡන්ද ක්‍රමය සියලුම මැතිවරණ සඳහා භාවිත කිරීමට ද අපේක්ෂිතයි.
(under the courtesy of adaderana news web)

Related posts

ග්‍රෑන්ඩ්පාස් ගින්නක්…

Shiran Viraj

පහරදීමේ සිද්ධියට බන්ධනාගාරයේ සිටි හමුදා සාමාජිකයින්ට ඇප

Shiran Viraj

වසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..

Shiran Viraj
Translate »