mediahumanrights.lk
News Political

නොමිලේ අක්ෂි කාච ලබාදීම කඩාකප්පල් කිරීමේ උත්සාහයක්

නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් වෛද්‍යවරුන් උත්සාහ කරන බවසෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුරාධපුර නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට  එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න වසර 45 ක් ගත වුණා. එය වැදගත් ප්‍රතිපත්තියක්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිර්මාණය කළේ වමේ ආණ්ඩු නොවෙයි. ධනවාදීන් යැයි කියා ගන්නා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේයි. ආයුර්වේද ඖෂධ සංස්ථාව, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාව බිහි වුනෙත් එම රජය යටතේයි.  අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළ ආකාරයට ඉදිරියේ දී අනෙක් ඖෂධවල මිල ද අඩු කරනවා. හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ස් මිල පසුගියදා අඩු කළා. නිරෝගීකම තමයි පරම ලාභය. ආහාර අනුභව කිරිම නොවෙයි. පසුගිය රජය සමයේ කාබාසනියා කළ ජනතා මුදල් අද ජනතා සේවාව සඳහාම යොදවා තිබෙනවා. තොරන් ගැසීමට, කටවුට් ගැසීමට විශාල මුදලක් වැය කළා”.
“සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අසරණ රෝගීන්ට අක්ෂි කාච ලබාදීම සඳහා විෂන් 2020 නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. වෛද්‍යවරු මට ප්‍රකාශ කළා එම වැඩසටහන යටතේ ද ලබාදෙන්නේ බාල අක්ෂි කාච බව. රෝගීන්ගෙන් ද විවිධ චෝදනා තිබුණා. මම අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම්දුන්නා ශරීරයට ඇතුල් කරන උපකරණ සඳහා බාල ඒවා යොදා නොගන්නා ලෙස. බොරු කරන්න එපා. මානුෂික ප්‍රතිපත්තියක සිට රෝගීන්ට සේවා කටයුතු සිදු කළ යුතුයි. ඇතැම් වෛද්‍යවරු අක්ෂි කාච නොමිලේ ලබාදෙන වැඩපිළිවෙළත් කඩාකප්පල් කරන්න හදනවා. වුවමනාවෙන්ම කියනවා අක්ෂි කාච නැහැ කියලා. ඒ ඔවුන්ට මෙතෙක් ඖෂධ සමාගම්වලින් ලැබුණු ප්‍රතිලාභ අහිමිවීම නිසයි. හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ස්වල මිල අඩු කිරීමෙන් ද එම ප්‍රතිලාභ නොලැබෙන්න පුළුවන්. මෙම වසර අවසන් වනවිට අක්ෂි කාච ලක්ෂ එකහමාරක් පමණ රජයේ රෝහල්වල සැත්කම් සඳහා අවශ්‍ය වනවා” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

Shiran Viraj

Experts wants us to stop using the Terminator to talk about AI

Shiran Viraj

තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..

Shiran Viraj