mediahumanrights.lk
LIFELIFE NEWSNews

"තරබාරු නොවන පුද්ගලයින් මේද ප්‍රමාණය මත අධි තරබාරු විය හැකිය"

පුද්ගලයෙකුගේ ශරීරයේ නියමිත බර ඇත්දැයි මැන බැලින බී එම් අයි (BMI) හෙවත් ශරීර ස්‌කන්ධ දර්ශකය සෞඛ්‍යයට අහිතකර මේද ප්‍රමාණයන් ශරීරගතව පවතින පුද්ගලයන් 50% ක්‌ සැම විටම මඟහරින බව “ෆ්‍රන්ටියර්ස්‌ ඉන් පබ්ලික්‌ හෙල්ත්” සඟරාවෙහි පළ කර ඇති නවතම අධ්‍යයන වාර්තාවක දැක්‌වේ.
මේ අනුව පුද්ගලයෙකුගේ උස හා ශරීර බර මත මැන බලන ශරීර ස්‌කන්ධ දර්ශන අගයට අනුව යමෙකු තරබාරු බව නොසැළකුණද එවැනි අයෙකු අධි තරබාරු වීමේ හැකියාව ශරීරගතව පවතින මේද ප්‍රමාණය අනුව වැඩි බව එම අධ්‍යයන වාර්තාවෙහි දැක්‌වේ.
මෙම අධ්‍යයනය මෙහෙයවූ පර්යේක්‍ෂකයින්ට අනුව ලොව ප්‍රමුඛපෙළේ කාර්මික රටවල් 30 ක සිටින අධි තරබාරු පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලොව පුරා සිටින තරබාරු හා අධි බරැති පුද්ගලයින්ගේ සංඛ්‍යාවට වඩා වැඩිය. ඔවුනට අනුව ඇමරිකා එක්‌සත් ජනපදය, නවසිලන්තය, ග්‍රීසිය හා අයිස්‌ලන්තය යන රටවල වාසයට කරන ළමුන්ගෙන් සියයට 50 ක්‌ද පිරිමින්ගෙන් සියයට 90 ක්‌ද අධි තරබාරු තත්ත්වයෙහි පසුවේ. කාන්තාවන්ගෙන් සියයට 80 ක්‌ද අධි තරබාරු තත්ත්වයෙහි පසු වන බව ඔවුහු කියා සිටිති.
ශරීර ස්‌කන්ධ දර්ශක අගය 23 සිට 29.9 දක්‌වා අගයක්‌ ගන්නේ නම් එය අධි බර තත්ත්වයක්‌ සේ සළකන අතර එම දර්ශක අගය 30 හෝ ඊට වැඩි නම් එය තරබාරු තත්ත්වයක්‌ ලෙස සැලකේ
මෙහිදී උදරයෙහි තැන්පත්ව ඇති මේදය අතිභයානක සේ සැළකෙන අතර උදරයෙහි තැන්පත් වන මේදය ශරීරය තුළට වර්ධනය වී සිරුරෙහි අතාවශ්‍ය අවයව වටා ඒකරාශී වන බව හෙළි වී තිබේ.
wedamadura.com

Related posts

මෙවර ශිෂ්‍යත්වය ලියූ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Shiran Viraj

ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..

Shiran Viraj

පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා

Shiran Viraj
Translate »