32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

ගිරිබාවේ සිසුවිය දූෂණය කොට මරා දැමූ සැකකරුගේ ජංගම දුරකථනයේ අසභ්‍ය වීඩියෝ 300ක්..!

ගිරිබාව, යාය2, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් එල්.ටී. වරුෂවිතාන මහතා ඊයේ (24) නියෝග කළේය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ ගිරිබාව, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචි තිලකරත්නගේ හර්ෂණ සමන් කරුණාතිලක නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ගිරිබාව පොලිස්ථානයේ නිලධාරීන් සැකකරු ස්ත්‍රී දූෂණයක් සිදු කර මනුෂ්‍ය ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබුණි.
ඊයේ (23 දා) දහවල් 12 ට පමණ මෙම දැරිය සිය නිවසේ රූපවාහිනය නරඹමින් සිටින අතරවාරයේ නිවසට පැමිණි පුද්ගලයෙකු මෙම දැරිය දූෂණය කර ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දැරියගේ නිවස ආසන්නයේම පදිංචි තරුණයෙකු මෙලෙස ගිරිබාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සිදු වීමෙන් පසු සැකකාර පුද්ගලයා බස් රථයකින් පලා යමින් සිටියදී ඔහු පිළිබද කොන්දොස්තරවරයාට ඇති වූ සැකයක් මත ගිරිබාව, පාලුවැව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසකට දැනුම්දීමෙන් පසුව අල්ලා ගැනීමට හැකි වී තිබේ.
කෙසේ වෙතත් සිද්ධිය සිදුවන අවස්ථාවේ අදාල නිවසේ දැරිය හැරෙන්නට වෙනත් කිසිවෙකු නොසිටි බවත්, දැරියගේ මව අසළ නිවසක සිය සේවා ස්ථානයේ සිට ඇති බවත්, ඇද මත වැටී සිටි දැරියගේ දෙඅත් රෙදි පටියකින් බැද තිබූ බවත් ගිරිබාව පොලීසියේ නිලධාරීන් කියා සිටියේය.
එසේම දැරියගේ ශරීරයේ ස්ථාන කිහිපයක සිරීම් තුවාල සිදුව තිබූ බවද, උඩු තොලෙහි තද දත් පහරක් තිබූ බවද පොලීසිය පැවසීය. ඊට අමතරව සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ අසැබි දසුන් 300 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවද ගිරිබාව පොලීසිය සදහන් කළේය.
සිද්ධියෙන් පසු සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්ගමුව වැඩ බලන මහේස්ත්‍රාත් හිමාල් චන්දන කහදවල මහතා විසින් සිදු කළ අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සිසුවියගේ මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන යන ලදී. එසේම අත්අඩංගුවට පත් සැකකරුද වෛද්‍ය පරීක්ෂණය සදහා ගල්ගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද (24) ඉදිරිපත් කළේය.
අදාල සිදුවීම සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සංජීව බන්ඩාර මහතාගේ උපදෙස් මත ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය මහතාගේ මැදිහත්වීම යටතේ ගිරිබාව පොලිස්ථානාධිපති කේ.වී.පී.සී. දීපාල් මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(under the courtesy of nethfm news web)

Related posts

පරාජයන්ගේ අමිහිරි මතකයන් මැද දික්වැල්ලට අද ලෝක වාර්තාවක් බිහි කිරීමේ අවස්ථාව

Shiran Viraj

පළාත් සභා කිහිපයකින් 20 විසිවීම නිසා සම්මත කරගන්න හැටි ආණ්ඩුව කියයි!

Shiran Viraj

2006 මැතිවරණ සමයේ රුපියල් මිලියන 30ක අල්ලස් යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයි

Shiran Viraj
Translate »