mediahumanrights.lk
Local NewsNews

ගැටබරුව රජමහා විහාරයේ ඇසල මහා පෙරහැරට කප් සිටුවයි

ඓතිහාසික ගැටබරුව රජමහා විහාරයේ වාර්ෂික ඇසල මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද (31) අලුයම සිදු කෙරුණා.
ඒ පිළිබඳ අදහස් දක්වන ගැටබරුව රජමහා විහාරයේ ලේකම් ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන් සඳහන් කළේ කප් සිටුවීම පුරාණ චාරිත්‍රාණුකූලව එළඹුණු සුබ මොහොතින් සිදු කෙරුණු බවයි.
සැප්තැම්බර් මස 01 වැනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ 02 වැනිදා උදෑසන සංඝගතදක්ෂිණාව පැවැත්වෙනවා. ඒ අනුව දෙවැනිදා, තුන්වැනිදා සහ හතරවැනිදා පළමු දෙවැනි සහ තෙවැනි පෙරහැර පැවැත්වෙන බවත් 05 වැනි පුර පසළොස්වක පොහොය දිනයේදී රන්දෝලි මහා පෙරහැර පැවැත්වෙන බවත් ගැටබරුව රජමහා විහාරයේ ලේකම් ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන් සඳහන් කළා .
(under the courtesy of nethfm news web)

Related posts

ඊශ‍්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්..- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා…

Shiran Viraj

බැග්ඩෑඩයේ බෝම්බ ප්‍රහාරයකින් 48 ක් මියයයි

Shiran Viraj

නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

Shiran Viraj
Translate »