31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

ගමට කෝටියක් වැඩසටහනෙන් ව්‍යාපෘති 117ක්

ජාතික තරුණසේවා සභාවෙන් ගමට කෝටියක් වැඩසටහන යටතේ පළාත් නවයම ආවරණය වන පරිදි  විශේෂ සංවර්ධන ව්‍යාපෘති  3000ක්  ක්‍රියාත්මක වන බවත්, මේ යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 117ක් වෙනුවෙන්  රුපියල්  ලක්ෂ 175ක  මුදලක් ලැබී ඇති බවත් ජාතිත තරුණ සේවා සභාවේ  සහකාර අධ්‍යක්ෂ  එල්.කේ. රත්නායක මහතා පවසයි.
ග්‍රාමීය මට්ටමේ පවතින  ගැටළු හදුනාගෙන  ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ මුලිකත්වයෙන් මෙම ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ව්‍යාපෘතියක්  වෙනුවෙන්  එක් ලක්ෂ පනස් දහසක මුදලක් රජය මගින් ලබාදුන්න ද  එම ව්‍යාපෘතිවල භෞතික නිමි වටිනාමක ලක්ෂ තුනකට වඩා වැඩි බවද රත්නායක මහතා පැවසීය.
ගමට කෝටියක් වැඩසටහන තුළින්  ගමේ තරුණ තරුණියන්ගේ කණ්ඩායම් හැගීම,  අභියෝග ජයගැනීම හා  ගැටළු කළමනාකරණය කිරීමට තරුණ තරුණියන් හුරුකරවීමද මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘති ඇගැයීමකට ලක්කර  හොඳම ව්‍යාපෘති 10  සමාජිකයන් සඳහා විදේශ සංචාර ලබාදීමටද කටයුතු කරන බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවැසීය.
(under the courtesy of adaderana news web)

Related posts

අයවැය ගැන අදහස් කියන්න මංගල සමරවීර මාධ්‍ය හමුවක – VIDEO

Shiran Viraj

තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්

Shiran Viraj

කොවිඩ් ආසාදිතයින් 241ක්

Shiran Viraj
Translate »