28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsSportsSports News

කඩුල්ල සෙලවී බේල්ස් නොසෙල්වූ ක්‍රිකට් පිටිය මවිතකළ නොදැවී යාම මෙන්න

CPL තරඟාවලියේ පසුගියදා පැවති 6 වන තරඟය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සුවිශේෂ සිදුවීමක් සිදුවූවා.
එහිදී සිදුවන්නේ පන්දුව කඩුල්ලේ වැදී bail සෙලවුනත් එය නොවැටී කඩුල්ල ආරක්ෂා වීමයි.
මෙම වාසනාවන්ත අත්දැකීමට මුහුණදෙන්නේ St Lucia කණ්ඩායමේ පිතිකරු ADS Fletcher.
Kevon Cooper විසින් යොමුකළ පන්දුවකට Fletcher වේගවත් පහරක් එල්ලකලද එය පිත්තේ නොවැදී කෙළින්ම කඩුල්ලේ වදින්නේ මොහොතක සතුටක් Knight Riders කණ්ඩායමට ගෙන එමින්.
එහෙත් ඇසිල්ලකින් එම සතුට බොඳව යන්නේ සියල්ලන් මවිතකරමින් කඩුල්ල සෙලවුනද bail නොවැටීම හේතුවෙන්.
මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් St Lucia කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 118ක් රැස්කරත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Knight Riders පන්දුවාර 15 යි පන්දු 4 කදී කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 120 ක් ලබාගනිමින් තරඟයේ ජය හිමිකරගැනීමට සමත් වනවා.
තරඟයේ වීරයා Shadab Khan.
එම තරඟයේ සැමගේ අවධානය යොමුවූ ADS Fletcher මුහුණදුන් වාසනාවන්ත අත්දැකීම පහතින්.
(under the courtesy of hirunews news web)

Related posts

ගීතාගේ 37 අවුරුදද්දක විවාහයත් දෙදරයි – ඇය කියූ සංවේදී කතාව මෙන්න

Shiran Viraj

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Shiran Viraj

අමෙරිකාව අවුලෙන් අවුලට ඇද දැමූ ට්‍රම්ප්ගේ වීසා තහනමේ අලුත්ම තත්ත්වය

Shiran Viraj
Translate »