27.5 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

ඉරිදා කැළණිවැලියේ කිසිම දුම්රිය ධාවනයක් නෑ

ලබන 13 වන ඉරිදා දිනයේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ රේල් බසය හැර කිසිඳු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් මඟී ජනතාවට ඇතිවන අපහසුතාවය අවම කිරීම සඳහා මහරගම හා කොස්ගම දුම්රිය ස්ථාන අතර දැනට ධාවනය වන රේල් බස් රථය සාමාන්‍ය  පරිදි ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බව විජය සමරසිංහ මහතා කියා සිටියේය.
කෙසේවෙතත් 14 වන සඳුදා දිනයේ සිට කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

Shiran Viraj

කළින් හඳුනාගත්තොත් පිළිකා සුවකළ හැකියි

Shiran Viraj

මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලා

Shiran Viraj
Translate »