27.2 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

හමුදාවේ සිටි දක්‍ෂතම වෙඩික්කරු 'නීරෝ වෙනුවෙන්' ගමක් – අම්මාට සුව පහසු නිවසක්

ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සිටි දක්‍ෂතම වෙඩික්කරු වන නීරෝ හෙවත් රණවිරු රංජිත්  පේ‍්‍රමිසිරිගේ නමින් උදාගම්මානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඊට මුල්ගල තැබීම  නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ  වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1) සිදු වුණා.
එල්ටීටීඊ ත‍්‍රස්තවාදයෙන් දේශය මුදා ගැනීමේ සටනේදී අභීත මෙහෙවරක් ඉටු කරමින් සිටියදී ත‍්‍රස්තප‍්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්වූ නීරෝගේ මෑණියන්ට සුව පහසු නිවහනක් ඉදි කර දීමට ද රජය ඉදිරිපත්ව සිටින බව මෙහිදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කියා සිටියා.
නීරෝගේ මෑනියන් වන රීටා ප‍්‍රනාන්දු මෙතෙක් කලක් ජීවත් වුණේ අසල්වැසියන්ගේ අධාර උපකාර මත වන අතර  ඇය මුහුණ දෙන ගැටළු පිළිබඳ අවදානය යොමු කළ අගමැතිවරයා සහ නිවාස අමාත්‍යවරයා එය කඩිනම් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..

Shiran Viraj

මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…

Shiran Viraj

රට යන බුලත්වලට බද්දක්

Shiran Viraj
Translate »