28.4 C
Colombo
2026-07-08
mediahumanrights.lk
Local NewsNewsPolitical

සුමන්තිරන් පළාත් සභා ජන්දයට ඉදිරිපත්විය යුතුයි

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී මින් ඉදිරියට පළාත් සභා මැතිවරණයන් වෙනුවෙන් ඉදිරිපත්වීම යෝග්‍ය වන බැව් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා පවසයි.
පේ‍්‍රමචන්ද්‍ර මහතා පැවසූවේ සුමන්තිරන් මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයේ කටයුතු කිරීම වෙනුවට පළාත් සභාවේ කටයුතු වෙනුවෙන් දැඩි ලෙස මැදිහත්වි කටයුතු කරන බවය.
එබැවින් සුමන්තිරන් මහතාට වඩාත් උචිත වන්නේ පාර්ලිමේන්තුව නොව පළාත් සභාව බැව්ද හෙතෙම සඳහන් කළේය.
පේ‍්‍රමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසූවේ උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යන්, පළාත් සභාවේ සභාපතිගේ කාර්යන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ කාර්යන් යන සියල්ල වෙනුවෙන්ම සුමන්තිරන් මහතා අනවශ්‍ය බලපෑම් එල්ල කරමින් සිටින බවය.
සුමන්තිරන් මහතා හා විග්නේශ්වරන් මහතා අතර පවතින මත ගැටුම් හේතුවෙන් සුමන්තිරන් මන්ත‍්‍රීවරයාට අවශ්‍යව ඇත්තේ විග්නේශ්වරන් මහතාට ගැටළු ඇතිකොට ප‍්‍රධාන අමාත්‍යධූරය වෙනස් කිරීමේ වුවමනාවක් බවද හෙතෙම පැවසුවේය.
පේ‍්‍රමචන්ද්‍ර මහතා සඳහන් කරනු ලැබුවේ විග්නේශ්වරන් මහතා වෙත විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම පිටුපස සුමන්තිරන් මහතා ඇතුළු කණ්ඩායමක් සිටි බව සියල්ලන්ම දන්නා සත්‍යයක් බවය.
(under the courtesy of adaderana news web)

Related posts

දෙවන පාසල් වාර නිවාඩුව ගැන නිවේදනයක්

Shiran Viraj

පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. බස්නාහිර ලිහිල් කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

Shiran Viraj

නවසීලන්තය-පකිස්ථාන අදත් තරග බිමට

Shiran Viraj
Translate »