mediahumanrights.lk
NewsPolitical

සුදුසුකම් සහිත පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතුයි

පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන හතු පිපෙන්නා වගේ ඇති වන බවත්, සුදුසුකම් සහිත පාළිකාවන් සිටින පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරිය මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,පෙර පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ගෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කරමිනි.
“ පූර්ව ළමා විය සංවර්ධනයේ දී දරුවෙකුගේ පදනම සකස් කරන කාර්යාභාරයක් තිබෙනවා. සමාජයට ගැළපෙන පුද්ගලයෙක් බිහි කිරීම පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිදු විය යුතුයි. එය  එසේ සිදු වෙනවාද කියලා ඇතැම් ගැටළු තිබෙනවා.
පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන හතු පිපෙන්නා වගේ ඇති වෙනවා. වනිජ අරමුණෙන් ඇතිවී තිබෙනවාද කියලා අවධානය විය යුතුයි. පූර්ව ළමා විය මධ්‍යස්ථාන ස්වයං රැකියාවක් බවට පත් වෙලා. හුදෙක් වානිජ අරමුණු ඉටු කරගැනීමට මධ්‍යස්ථාන පවතිනවා.
අධ්‍යාපන මනෝ විද්‍යාව ඇතුළත් පාඨමාලා ගුරුවරු විසින් හැදැරිය යුතුයි. සුදුසු නැති ගොඩනැඟිලිවල ළමා මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. පෙර පාසල්වල සීමා ඉක්මවා ළමයි ඉන්නවා. බොහෝ පෙර පාසල්වල ශාරිරික ක්‍රියා කාරකම්වල ආරක්ෂිත සෙල්ලම් මිදුල් නැහැ.බොහොමයක් පාළිකාවන්ට විධිමත් සුදුසුකම් හා පුහුණු වීම් නෑ.ඔවුන්ගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත නෑ. පෙර පාසල් ගුරුවරුන්ට පිළිගත් දීමනාවක් ලබාදීම වැදගත් බවද මන්ත්‍රීවරිය පැවසී ය.
(under the courtesy of adaderana news web)

Related posts

සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

Shiran Viraj

ස්ටාලින් රිමාන්ඩ්…

Shiran Viraj

යළි ලබාගත නොහැකි අයුරින් බලයක් උතුරු මහඇමති ඉල්ලයි

Shiran Viraj
Translate »