2026-07-08
mediahumanrights.lk
NewsPolitical

"මේකේ අවසානය තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ" – ඇමති අමරවීර ගෝඨා අත්අඩංගුවට ගැනීමේ කතාව ගැන කතා කරයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මන්ත්‍රීවරුන්ට ගෝඨාභය  රාජපක්ෂව මාසයක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශයක් කළ  බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා  ඊයේ(07) මහනුවරදී කළ ප්‍රකාශය තුළ කිසිදු සත්‍යතාවයක් නොමැති බව  අමාත්‍ය  මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කර සිටියේ අද (08)පෙරවරුවේ සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය  මහින්ද අමරවීර  මෙසේ සඳහන් කළා.
”මම කනගාටුවෙනවා එතුමා ඒ වගේ ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳ. ඒ නිසා මම ඊයේ (07)රාත්‍රී දුරකථන ඇමතුමකින් විමසීමක් කළා මේ වගේ දෙයක් කියන්න ලැබුණු තොරතුර පිළිබඳව.
එතුමා මට කිවුවේ රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයෙකුහට ලැබුණු තොරතුරකට අනුව ඔහුට කළ  දැනුම් දීම මත තමයි මේ වගේ ප්‍රකාශයක් කළේ  කියලා.
ගෝඨාභය රාජපක්ෂ  ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස විශාල කාර්යක් පසුගිය යුද්ධයේදී  සිදුකළා.
මේ පදනම් විරහිත චෝදනා එන්න පටන් ගත්තේ ජනාධිපතිතුමා මා වැඩ බාරගත් දවසේම අගය කරමින් කළ  ප්‍රකාශයත් සමගයි. එනිසා බොහෝ සිත රිදුනු මිනිස්සු ඉන්න බව මම දන්නවා. මේ පසුගිය ටිකේම චරිත ඝාතන ෆේෂ්බුක් හරහා මාධ්‍ය හරහා විවධ අවලාද චෝදනා නගමින් ආවා. මේකේ අවසානය තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ ”
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සවිස්තරාත්මකව පහතින් නැරඹිය හැකියි.
(under the courtesy of nethfm news web)

Related posts

හිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..

Shiran Viraj

සමාජ ජාලා නියාමනයට රජය සැරසේ.. tiktok ගැන වැඩි අවධානය…

Shiran Viraj

මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..

Shiran Viraj
Translate »