2026-07-04
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මට කෝල් කරලා කියනවා "රිතූ මෙහෙමයි පොඩි සෙක්ස් සීන් එකකුත් තියෙනවා" කියලා – රිතූ ආකර්ෂා

රිතූ ආකර්ශා.
පුංචි තිරයෙන් රසිකයින් අතරට ආපු රිතූ දැන් හුඟක් මියුසික් වීඩියෝවල දකින්න පුළුවන්.
රිතූගේ අලුත් විස්තර ගැනත් පසුගිය දවසක රිතූ රඟපෑ මියුසික් වීඩියෝවක තිබුණු සිපගැනීමේ දර්ශනයක් නිසා ඇතිවුණු කතාබහ ගැනත් රිතූ කියලා තිබුණු කතාව තමයි මේ.
රිතූ මේ තරම් ෆේස්බුක් ගිනුම් ප්‍රමාණයක් පවත්වාගෙන යන්නේ කොහොමද..?
කොච්චර තිිබ්බත් මටම කියලා තියෙන්නේ එක ගිණුමයි. අනිත් ඒවා මොන හේතුවක් නිසා පවත්වාගෙන යනවද කියන්න මම දන්නේ නෑ..
ඉතිං ඒ දේවල්වලට නීතියමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්නේ..
ඔව්.. ළඟදීම ඒදේවල්වලට පියවර ගන්න වෙයි කියලා හිතනවා.
රිතූ ගොසිප් ගැන මොක්ද හිතන්නේ..?
මම නම් ඒ ගැන හිතන්නේ නෑ.. මොකද සමහර පුවත්වලට අපි දෙන ආරංචි තොරතුරු වෙනස් කරලා ගොසිප් සයිට්වල දානවා කියලා දන්නවා.
මටනම් ලොකුවට ගොසිප් හැදිලා නෑ.
පසුගිය දවසක මියුසික් වීඩියෝවක සිප ගැනීමේ දර්ශනයකට හිටියා නේද..? ඒ වගේ ආරාධනා නැවත ලැබුණේ නැද්ද?
ආවා.. ආවා.. ඊයෙත් එකක් ආවා.. මට කෝල් කරලා කියනවා රිතූ මෙහෙමයි මේ කතාවේ පොඩි සෙක්ස් සීන් එකකුත් තියෙනවා කියලා.
මට තියෙන ප්‍රශ්නේ සෙක්ස් සීන් තියෙන එක නෙවෙයි. ගීතයක් ජනප්‍රිය කරගන්න බලෙන් ඒ රූපරාමු ඇතුලට ඔබන එකයි..
ඒ කියන්නේ රිතූට ඒ දේවල් ප්‍රශ්නයක් නෑ..?
ඔව්.. ඒත් මම ඉස්සෙල්ලම පිටපත කියවලා අධ්‍යක්ෂකරයා සමඟ සාකච්ඡා කරනවා. ඒ දේවල් අධ්‍යක්ෂකවරයා ඇක්ෂන්, කට් කියන අතරතුර සිද්ධවෙන දෙයක් විතරයි.
(under the courtesy of adaderana news web)

Related posts

හබරාදුවේ වෙඩි තැබීමක්

Shiran Viraj

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

Shiran Viraj

දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ හිඟයක්

Shiran Viraj
Translate »